ඉතාලියේ ශ්‍රි ලංකා තානාපති අසිත පෙරේරා මහාතාට නෑවත ලංකාවට පෑමිණීම සදහා නියමිත දිනයක් ලබා දි ඇති බව විදේශ ලේකම් කරුණාතිලක අමුණුගම මහතා එසැණට පැවසීය.
නව තානාපතිවරයෙකු පත් කිරිම සදහා මෙ වනවිට සාකච්ඡා කරමින් පවතින බවත් පත්වන තානාපතිවරයාට ඉතාලියේ ශ්‍රි ලාංකිකයින්ගේ ගෑටලු ඉක්මනින් විසැදිමට උපදෙස් දෙන බවත් කරුණාතිලක මහාතා කියයි.
තුන්වැනි පාර්ශ්වයක් මගින් ගෙනෙන ලියවිලි රෝමයේ තානාපති කාර්යාලය මගින් බාර නොගන්නා මුත් නව තානාපති මගින් ඉදිරියේදි ඊට විසදුම් ලෑබෙනු ඇති බවයි.
රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයෙන් කරවා ගත යුතු වීසා ඇතුළු විවිධ වැඩ ඉතාලි රජයේ ලියා පදිංචි නියෝජිතයන් මගින් තානාපති කාර්යාලයයට යොමු කිරීමට මෑතක සිට නොහැකි වී ඇතැයි ද තානාපති කාර්යාලයය එවැනි ලියැවිලි ප්‍රතික්ෂේප කිරීම නිසා තමනට අධික මුදලක් වැය කැර බොහෝ දුර ගෙවා රෝමයට යෑමට සිදුවී ඇතැයි ද ශ්‍රී ලාංකිකයෝ කියති.
මේ අතර රෝම තානාපති කාර්යාලයේ ප්‍රධාන නිලධරයන් හතර දෙනකුගේ අඩුවක් කලක සිට පවතින බව ඉතාලි ශ්‍රී ලාංකිකයෝ කියති.
ලක්ෂයක් පමණ වන සංක්‍රමණික ශ්‍රී ලාංකිකයන්ගේ කන්සියුලර් කටයුතු පමා වීමට ප්‍රධාන හේතුව එය බව ද ඔවුහු කියති.
විදේශ අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක රොඩ්නි පෙරේරා මහතා පැවසුවේ ඒ ගැන තමා නොදන්නා බවයි.
එම කාරණය පරිපාලන අංශයට දන්වන බව ද ඔහු කියයි.