ඉතාලිය ලංකා රෝහල් තෑග්ගට මුලපුරයි


ඉතාලී ශ්‍රී ලංකා මිත්‍ර සහයෝගීතා උත්සවය මිලානෝ නගරයේ පැවතියේය

ඉතාලියෙන් ශ්‍රී ලංකාවට පිරි නැමීමට යන රෝහල් ව්‍යාපෘතිය සම්බන්ධයෙන්  බස්නාහිර පළාත් සභාවේ   ප්‍රධාන අමාත්‍යය ප්‍රසන්න රණතුංග මහතා  මිලානෝ ලොම්බාර්දියා  පළාතේ උප සභාපති  හා සෞඛ්‍ය  ප්‍රධානී මාරියෝ මන්තොවානී මහතා සාකච්ඡා කළාය.

ඉතාලි මිලානෝ ශ්‍රී ලාංකිකයන් නීතී ගරුක  සුහදශිලී ජනතාවක් බවත් ඔවුන්ට කළගුණ සැළැකීම වශයෙන් ෂමීන් පණ්ඩිත රත්න මහතාගේ ඉල්ලීමකට අනුව මේ රෝහල ඉදි කිරීමට මුදල් පරිත්‍යාග කරන බවමන්තොවානී මහතා කීවේය.

ඉතාලියේ පාර්ලිමේන්තු මන්ත්‍රී  ලුකා ස්ක්වේරී යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රීනි ලුසියා රොන්සියුලි පදෙර්නෝ දුන්ඤානො නගරාධිපති මාර්කෝ අල්පරෝන,සන්දොනිතෝ මිලනේසෙ,නගර සභා උපදේශක මනෝලා ලසෙන්ති හා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් බස්නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා සමග මෙරිල් පෙරේරා මන්ත්‍රීවරයාද සහභාගී වුහ.

රූපවාහිනි මාධ්‍යයේ වැඩසටහන් මාධ්‍යවේදී ලුකා  නොවෙල්ලී විසින් ශ්‍රී ලංකාවේ වටිනාකම එහි සුන්දරත්වය හා මානව ශිෂ්ටාචාරයේ  අතීතය සදහා  ශ්‍රී ලංකාවේ වැදගත්කම පිළිබිඹු කරන  දර්ශන වැඩසටහනක් ඉදිරිපත් කළේය.

යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රී මුණගැසුණු ප්‍රසන්න රණතුංග මහතා ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර තමන් ඕනෑම අවස්ථාවක ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටින බව ද ඔවුහු කීහ.