ඉතාලිය පුරාම ශ්‍රී ලංකන් ගුවන් පහසුකම්


මගින්ගේ පහසුව තකා  ශ්‍රි ලංකන් ගුවන් සේවයේ ඉතාලි ගුවන් ගමන් නව ආකාරයකට ආරම්බ කර ඈතෑයි ශ්‍රි ලංකන් ගුවන් සේවයේ ඉතාලි කලමනාකරු ලලිත් පිරිස් මහතා පවසයි. සතියට ගමන්වාර තුනක් ඉතාලියේ සිට ශ්‍රි ලංකාවටත් ශ්‍රි ලංකාවේ සිට ඉතාලියටත් පැමිණේ.  එම ගුවන් ගමන් සදහා ඉතාලියේ ප්‍රධාන ගුවන් තොටුපලවල් 15ක සිට අලිතාලියා ගුවන් යානා රෝමයේ ෆියුමින්චිනෝ ගුවන් තොටුපලට සම්බන්ධ කර ඇත. ‘‘යම් මගියෙකුට ශ්‍රි ලංකන් ගුවන් ටිකට් පතක් මිලදී ගෙන තමා පදිංචි නිවස ආසන්නයේ ඈති ගුවන් තොටුපලින් අලිතාලියා ගුවන් යානයෙන් රොමයට එන්න පුලුවන්. එම ගුවන් තොටුපලට බාරදෙන තමන්ගේ කිලෝ 40ක ගමන් මල්ල නෑවත ගන්නේ කොළඹින්. අමතර ගුවන් ටිකට් පතක් මිලදී ගන්න අවශය නෑහෑ. ලංකාවේ ඉදලා එන කොටත් එසේමයි. නොදන්නා භාෂාවක් කතා කරන නන්නාදුනන රටක දුරකථන සම්බංධතාවයක් පවා නොමෑතිව ගුවන් යානා මාරුවක් සදහා පැය ගානක් ලතවෙනවට වඩාතමන් දන්නා කියන භාෂාවක් කතාකරන  තමන් සේවය කරන රටේ දුරකථන සම්බංධතා ද ඇතිව කෙලින්ම අපේ රටට යන එක කොච්චර හොදද? අනික අපේ කම හිතලා අපේ යානයෙන් ගමන් කලොත් රටේ ආර්ථිකයටත් එකෙන් වාසියක් වෙනවා. කලමනාකරු ලලිත් පිරිස් එසේ කියයි. දෙමාපියන් නොමෑතිව දරුවන් ඉතාලියට ගෙන්වා ගැනිමේදි හා නැවත පිටත් කර හෑරිමේදී වගකීමක් හා අරාක්ෂාවක් ඈතිව කටයුතු කිරිමට ශ්‍රි ලංකන් ගුවන් සේවය බෑදි සිටිනවා. ‘‘