වෙනත් පුද්ගලයෙකුගේ ගුවන් ගමන් බලපතක් හා වීසා භාවිතා කරමින් ඩුබායි හරහා ඉතාලියට යාමට උත්සහ කළ ශ්‍රී ලාංකිකයෙක් ඩුබායි ගුවන්තොටුපල බලධාරීන් විසින් පිටුවහල් කරනු ලැබ ආපසු මෙරටට එවා සිටියදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අද අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකරු නාරම්මල ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි තරුණයෙකි.
ඉතාලියේ පදිංචි ඔහුගේ ඥාතියෙකු මාර්ගයෙන් කෑගල්ල ප්‍රදේශයේ පදිංචි තරුණයෙකුගේ නීත්‍යානු කූල ගුවන් බලපතක් සහ ඉතාලි වීසා පතක් සැකකරු විසින් ලබා ගෙන ඇති බව කරන ලද විමර්ශණ වලදී අනාවරණය වී ඇත.
කෑගල්ලේ තරුණයාද ඉතාලියේ වෙසෙන ඔහුගේ සොහොයුරා මාර්ගගයෙන් ඉතාලියේ රැකියාවක් කිරීම සදහා වීසාවක් ලබා ගෙන ඇති මුත් ඔහුට හදිසියේ ඇතිවු අසනීපයක් හේතුවෙන් ඉතාලි ගමන වැලකී ගොස් තිබේ. පසුව ඔහුගේ ගුවන්ගමන් බලපත සහ වීසා ඇතුළු සියලූ ලියකියවිලි සැකකරු විසින් ලබා ගෙන ඇත.
ඉතාලියට ගිය පසු රුපියල් ලක්ෂ හය හමාරක් දෙන බවට පොරොන්දු වී මෙම ලියිකියවිලි සැකකරු විසින් ලබා ගෙන ඇති බව පොලීසිය කියයි.
පසුගිය 24 වෙනිදා ඔහු මෙරටින් පිටත්ව ගොස් තිබේ. පසුව ඩුබායි ගුවන්තොටුපළේදී ඔහුගේ ලියකියිවිලි පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඔහු මෙලෙස ආපසු මෙරටට එවා ඇත.
මේ පිළිබදව කරන ලද මුලික පරීක්ෂණවලින් අනතුරුව සැකකරු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

