ව්‍යාජ වීසා භාවිතා කරමින් නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවේ සිට ඩුබායි හරහා ඉතාලියට යාමට උත්සහ කළ උතුරේ තරුණයෙක් ඩුබායි හිදී පිටුවහල් කර ආපසු මෙරටට එවා තිබියදී කටුනායක බන්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබී්‍ය.
මොහු යාපනයේ පුදුකුඩුඉරුප්පුහි පදිංචි 22 හැවිරිදි තරුණයෙකි.
ඔහු පසුගිය එකොලොස්වෙනිදා ඩුබායි බලා මෙරටින් පිටව ගොස් ඇත. එරට ගුවන්තොටුපළ බළදාරීන් විසින් ඔහුගේ වීසා පරීක්ෂා කරද්දී එය ව්‍යාජ වීසා ස්ටිකරයක් බව අනාවරණය වීමෙන් පසු එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ 650 දරණ ගුවන් යානයෙන් ඔහු ආපසු එවා තිබුණි.
මින් පෙර පසුගිය සතියේදීද ඩුබායි හා කටාර් හරහා හරහා ඉතාලි යාමට උත්සහ කළ උතුරේ තරුණයින් තිදෙනෙක් මේ අයුරින්ම පිටවුහල් කොට ආපසු එවා තිබුණි.

