ඉතාලි හාම්පුතාගේ සේප්පුව කඩයි


පසුගිය දිනක ඉතාලියේ සිසිලි දූපතේ ටවර්මීනා නගරයේ මන්දීරයක ආරක්ෂක වශයෙන් සේවය කළ හතලිස්හැවිරිදි   ශ්‍රී ලාංකිකයකු  රෝමයේ ගුවන්තොටුපො‍ළේ දී අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු  අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඔහු සේවයකළ මන්දිරයේ තිබූ සේප්පුව කැපුම්ලාම්පුවක් අධාරයෙන් කපා එහිතිබූ මුදල් සහ වටිනාදේ සොරාගෙන දොහා නගරය හරහා ලංකාවට පැනයාමට තැත්කිරීම නිසාවෙනි.

වංශවත් පවුලකට අයත්වන සේවායෝජකයා පදිංචිවී සිට ඇත්තේ රෝම නගරයේය. දුරකථනය පිළිතුරු නොදෙන්නේ මන්දැයි සොයා බැලූසේවායෝජකයාට දැනගතහැකිවූයේ තම සේප්පුවේ ඇති වටිනා දේ සමග ලාංකිකයා පැනගොස් ඇති බවය.පොලීසියට දැනුම්දීමෙන් අනතුරුව ලාංකිකයා  රෝමයේ ෆියුමිචීනෝ ගුවන්තොටේදී අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු පවසා ඇත්තේ තමා මේ දේ කළේ ලංකාවේ තමා ණය වී ඇති නිසා බවයි. තම පවුලට මරණ තර්ජන ඇති බවත් ඔහු කියා ඇත. ලාංකිකයාගේ සේවායෝජකයාට දුරකථන ඇමතුමක් දුන් ඔහු  සිද්ධිය ගැන පාපෝච්චාරනය කර ඇති අතර සියදිවි නසා ගන්නා බවට පවසා ඇතකෙසේ නමුත් ඔහු වසර තුනක්, දහයක් අතර කාලයකට බන්ධනාගාර ගතවේ යයි පොලීසිය පවසයි.