ඉතාලි සිංහල සංවිධානය අගමැති ප්‍රකාශය හෙළා දකී


පසුගියදා රේගුව විසින් අත්අඩංගුවට ගත් හෙරොයින් කන්ටේනරයක් නිදහස් කිරීම සම්බන්ධයෙන් දෙවැනි පුරවැසියා වශයෙන්  හා බුද්ධ ශාසන ඇමැතිවරයා වශයෙන්  ජාතික හෙළ උරුමයේ නායක  ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන්ට  ප්‍රසිද්ධ වේදිකාවේදී ‘ මොකාද චීවර ධාරියෙක්‘  යන වචනය භාවිත කරමින්  කළ  ද්වේෂ සහගත ප්‍රකාශය තරයේ හෙළා දකින බව ඉතාලියේ ඒකාබද්ධ සිංහල සංවිධානයේ සභාපති ඉතාලියේ ප්‍රධාන සංඝනායක ,රෝමයේ ධර්මාශෝක විහාරාධිපති  දඹදෙණීයේ ධම්මාරාම හිමියෝ පැවසුහ.

මෙවැනි  නින්දිත ,අපහාසාත්මක ප්‍රකාශක් කිරීම  ජාතික අපරාධයකට අනුබල දීමක් හා මරණ දඩුවම හිමි විය යුතු අපරාධයක් බවත් ඒ හිමියෝ කියති.