මහියංගනය මූලික රෝහල් කාර්ය මණ්ඩලය සමඟ එක් වී ඓතිහාසික මහියංගන රජ මහා විහාරයේ විල්ලුව වැව සීමා මාලකයේ දී අද (11) සහ හෙට (12) බැති ගී ගායනයට ඉතාලි වෛද්‍යවරියක් ද ඉදිරිපත් වී සිටින්නීය.
වෛද්‍ය අධිකාරී එන් එම් සෙනරත් බණ්ඩාර මහතාගේ හා කාර්ය මණ්ඩලයේ සංවිධානයෙන් පොසොන් බැති ගී සරණිය සංවිධානය කර ඇති අතර රෝහලේ සේවය සඳහා පැමිණ සිටින ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ඉතාලි ජාතික මොනිකා පිකොලි මෙනවිය ද පුහුණු වන්නීය.

