ඉතාලි ව්‍යාපාරිකයා ලංකාවේ පවුල් දෙකකට උදව් කරයි


දඹුල්ලේ  නිවුන් දරුවන් දෙන්නාට කිරිපිටි මිලට ගැනීම සඳහා  ඉතාලියේ මෝදනා නගරයේ ශ්‍රි ලාංකික ව්‍යාපාරික වසන්ත කීර්තිරත්න මහතා මසකට රුපියල් පන්දාහ බැගින් පරිත්‍යාග කිරීමට යයි.

මේ අතර  කටුගස්තොට දමිතා නදිශානි මහත්මියගේ පවුලට උදව් කිරීමට ද ඔහු අදහස් කරයි. මට 2008දි නිවුන් දරුවන් හතරදෙනෙක් ලැබුණා. දෑන් ඒ මගේ පැටව් හතර දෙනා ලබන මාසේ ඉදලා පාසල් යනවා. ඊට වෑඩිමල් අවුරුදු 11 ක දියණියක්ද මට ඉන්නවා.මගේ මහත්තයාට ස්ථිර ආදායම් මාර්ගයක් නැහැ. ඒයා තැන් තැන්වල රියැදුරු රැකියාව තමයි කරන්නේ. දුවලා හතර දෙනාව මට බස් එකේ පාසල් එක්ක යන්න අමාරුයි. අනේ ඒ පින්වන්ත මහත්තයාට කියලා අපිට උදව්වක් අරන් දෙන්න.

දුවලා පස් දෙනෙක් ලොකු උනාම එයාලා වෙනුවෙන් අපි යුතුකම් ඉටුකරන්න ඔනේ. අසරණ අපි කොහොමද එවාට මුහුණ දෙන්නේ.

ඒ උත්තමයට කියලා මගේ මහත්තයාට කරදරයක් නෑතිව රෑකියාව කරන්න පුලුවන් රටකට යන්න උදව්වක් අරගෙන දෙන්න. ඒක මගේ අහින්සක දරු පෑටව් වෙනුවෙන් කරන ලොකු පිනක්. දරුවන්ට පොත් පෑන්සල් ගන්න උදව් කරන්නෙත් හාමුදුරු නමක්. ඒ පිලිබදව වියාපාරික වසන්ත කිර්තිරත්න මහතා මෙසේ කියයි.

ඔවුන්ගේ දරුවන් හතර දෙනා පාසල් රැගෙන යන  වෑන් රථයේ කුලිය මාස්පතා ගෙවන බව ද ඔහු කියයි.