ෆිරෙන්සි, නාපෝලි, මිලානෝ නගරවලින් පැමිණි ලාංකීකයන් සහ රෝමයේ වෙසෙන ලාංකීකයන් 200කට අධික පිරිසක් එක්ව රෝමයේ ශ්‍රීලංකා තානාපති කාර්යාලය විරෝධතාවක් පැවැත්වූහ. ඉතාලි ශ්‍රී ලාංකිකයන්ගේ පහසුව සඳහා ඉරිදා සේවය යලි සලසන ලෙසද, දුර පළාත් සඳහා තානාපති ජංගම සේවය ඇති කරන ලෙස ද, තානාපති කාර්යාල සේවය නිසි පරිදි පවත්වාගෙන යන ලෙස ද ඔවුහු සාමකාමී උද්ඝෝෂණයක් කළහ. තානාපති අසිත පෙරේරා වෙනුවට වඩාත් කාර්ය ශූර තානාපතිවරයකු ලබා දෙන ලෙස ද ඔවුහු ජනපතිගෙන් ඉල්ලති.
මේ ගැන විමසීමට අසිත පෙරේරා මහතා සම්බන්ධ කර ගැනීමට ගත් උත්සාහය අසාර්ථක විය.