ඉතාලි ලාංකිකයෝ පාප්තුමා බැහැදකිති


තේවත්ත පුදබිමේ හැත්තෑ පස්වැනි ජයන්තියත්, ශ්‍රී ලංකාවට නිදහස ලැබීමේ හැට අට වැනි  ජයන්තියත් නිමිතිකරගෙන ඉතාලියේ ශ්‍රම සංක්‍රමනිකයෝ පෙබරවාරි අට වැනිදා උදෑසන වතිකානයේ ෆ්‍රැන්සිස් පාප්තුමා බැහැ දැකීමට සැරැසෙති.

වතිකානුව මේ බව තහවුරුකරතිබේ. මෙදින   ශ්‍රි ලංකා කතෝලික රදගුරු සමුළුවේ සභාපති  මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු තුමන්ගේ ප්‍රධානත්වයෙන් එදින පෙරවරු 10.30ට ශාන්ත පීතර බැසිලිකාවේදී දිව්‍ය පූජා මෙහෙයක් ද පැවැත්වීමට නියමිතය.

ඉතාලියේ වෙසෙන 15000ක පිරිසක් මීට සහභාගි වෙතියි බලාපොරොත්තුවේ. 

ඉතාලියේ ශ්‍රමසංක්‍රමිකයන්ගේ ජාතික සම්බන්ධිකාරක  නෙවිල් ජෝ පෙරේරා පියතුමා මේ හමුව සංවිධානය කරයි.

මෙම දේවමෙහෙයට සහභාගීවීම සඳහා ඇතුළු වීමේ අවසරපත් ඉතාලියේ කිතුනු සංඝය  භාර පියතුමන්ලාගෙන් ලබා ගත හැකිබව ද නෙවිල් ජෝ පියතුමා කියයි.