ඉතාලි ලාංකිකයන්ට දැන් හොඳ සේවයක්


දුර බැහැර සිට විවිද කාරණා සම්බන්ධයෙන් රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයට පැමිණෙන ශ්‍රී ලාංකිකයනට මෑතක සිට ඒ මොහොතේම සේවාවාන් සපයන බව ඉතාලි ලාංකිකයෝ කියති.

උදේ නමයට පෝරමයක් බාර දුන් විට ඊට පිළිතුරු බලාපොරොත්තුවෙන් සවස 3 දක්වා රැඳීසිටීමට කළින් සිදු වුවත්   රාණි බුලත්වෙල මහත්මිය   පැමිණීමෙන් පසු එය වෙනස් වී ඇති බව ද, තානාපති කාර්යාලයයේ කොන්සියුලර් අංශයෙන් සිදුවන සේවයේ ගුණාත්මක වර්ධනයක් ඇති බව ද ඔවුහු කියති.

රාණි බුලත්වෙල මහත්මිය ‘එසැණ‘ට පැවසුවේ තානාපති කාර්යාලයයේ සියලු දෙනා එක්ව එරට සිටින ලාංකිකයන්ට උපරිම සේවාවක් ලබා දෙන බවයි.

වැසිදිනවලට එළියේ තෙමීගෙන සිටින ශ්‍රී ලාංකිකයනට මින් පසු එලෙස සිටීමට සිදු නොවනු ඇති බව ද බුලත්වෙල මහත්මිය කීවාය.