ඉතාලි ලාංකික බර මෛත්‍රීට


ඉතාලියේ  මිලානෝ  නගරයේ ශ්‍රී ලාංකික දේශපාලන කණ්ඩායම් රැසක් මෛත්‍රීපාල  සිරිසේන  මහතාට  සහාය  දීමට තීරණය කළහ.

මිලානෝ  නගරයේ  ශ්‍රී  ලංකා  නිදහස්   පක්ෂයේ හා එක්සත්  ජාතික  පක්ෂයේ පිරිස් මෙන්ම වෙනත්   විවිධ  පක්ෂ  නියෝජනය  කරන  ක්‍රියාකාරීහුද  නිර්පාක්ෂික  පිරිස්ද  මිලානෝ නරයේ තෙආත්රෝ වෙර්ගා ශාලාවේදී පළමු රැලිය සංවිධානය කළහ.

පසුගිය දෙසැම්බර් 8 වැනිදා වියාලේ ලොම්බර්දියා හෝටලයේදී තවත් රැස්වීමක් පැවැත්විණි. පාලිත රංගේ බණ්ඩාර මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති එම රැස්වීමේදී මිලානෝ නගරයේ විශාල පිරිසක් පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය පළ කර සිටියහ.

මෙම සහයෝගිතා   රැලි   ඉතාලියේ  නගර   කීපයකම  ලබන  ජනවාරි  04  දින  සංවිධානය   කරන   බව දැනගන්නට ඇත.

10441056_10205113488707133_2662530350460018348_n 10505521_10205113524188020_405854473434721365_n 10624569_10205113474706783_2191625237993284038_n 10805811_10205113475866812_8781488154043061706_n