ඉතාලියේ මිලානෝ නුවර කේන්ද්‍ර කරගනිමින් සිදුවන ලක් පාතල ක්‍රියාකාරකම් පිළිබඳ විදේශ ලේකම් කරුණාතිලක අමුණුගම මහතාගේ අවධානය යොමුව තිබේ.
ඔහු එසැණට පැවසුවේ විදෙස්ගත සාමකාමී ශ්‍රී ලාංකිකයන් පීඩාවට පත් කරන තොරතුරු අනාවරණය කරන මාධ්‍යවේදීන්ට තර්ජන කරන හොර තක්කඩින් ගැන ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සකච්ඡා කොට ඉතා ඉක්මණින් ඔවුන්ට විරුද්ධව සුදුසු පියවරක් ගන්නා බවයි.
ඉතාලි පොලිස් පරීක්ෂණ සඳහාද විදේශ අමාත්‍යංශය ආරක්ෂක අමාත්‍යංශය එක්ව සහයෝගය ලබා දීමට බලාපොරොත්තු වන බව ඒ මහතා එසැණට පැවසීය.

