ඉතාලි ලක් පාතාලය හතර වටින්ම කොටුවේ


ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතා ඈතුළු මැති ඇමතිඅවරුන්ගේ නම් භාවිතා කරමින් ඒ මගින් අනිසි බලයක් ගෙන සාමකාමි ශ්‍රි ලාංකිකයින්ට හිරිහෑර හා නොයක් මෑර ක්‍රියාවල නිරතවන මිලානෝ ලක් පාතාලය පිලිබද අනාවරණය කළ ඉතාලියේ එසෑණ වර්ථාකරු චමින්ද මඩවලට එල්ලවු ජිවීත තර්ජනය පිලිබඳව ඉතාලි පොලිසිය විශේෂ විමර්ශනයක් අරඹා ඇත.

රෝම තානාපති කර්යාලයයේ නිලධාරින්ගේ පුර්ණ සහය ද මෙහිදි ඉතාලි පොලිසියට ලැබෙන අතර මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා කියා සිටියේ ඉතාලි පොලිස් වර්ථා අනුව ආරක්ෂක අමාතයාංශයේ පුර්ණ සහයෝගය ඔවුන්ට ලබා දෙන බවය.

ලක් පාතාලයට හිතවත් පිරිසක් චමින්ද මඩවල පදිංචි නිවසේ හිමිකරුවන්ට කතා කරමින් ඔහු  නිවසින් ඉවත් කරන්නැයි කියමින් නොයෙක් බලපෑම් කරතියි ද වාර්තා වෙයි.