ඉතාලි රැකියා පෙන්වා දාහකගෙන් සල්ලි ගරලා


ඉතාලි රැකියා දෙන බව කියා අනුරාධපුරය, මැදවච්චිය, බදුල්ල, බණ්ඩාරවෙල, මන්නාරම, වව්නියාව, මඩකලපුව ඇතුළු පෙදෙස්වලින් දහසකගෙන් පමණ මුදල් වංචා කළැයි සැකපිට සුබ්‍රමණියම් ශෂිකලා නම් කතක වත්තල මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා විසින් ලබන හත් වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.

ඇයට එරෙහිව වත්තල පොලීසියට පමණක් පැමිණිලි 40ක් ලැබී ඇත.

රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ දෙකහමාර දක්වා එක් අයකුගෙන් මුදල් ලබා ගෙන ඇතැයි අධිකරණයේදී සඳහන් විය.