ඉතාලි රැකියා දෙන්න කෝටියක් අරන්


ඉතාලි යවන බව පවසා රුපියල් ලක්ෂ 96ක් පමණ වංචා කළැයි කියන ඇඟළුම් කම්හල් හිමියෙකු අකුරැුස්ස පෝරඹ දී සැකපිට ප‍්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව අකුරැුස්ස පොලිසිය පවසයි.
පස් මාසයක් රිමාන්ඞ් භාරයේ සිටි ඔහු ඇප ලබාගෙන පැමිණ ඇත්තේ ඉකුත් නොවැම්බර් මාසයේදීය. නඩුවාර ගණනාවකට ඉදිරිපත් නොවීම නිසා ඔහු මහර අධිකරණයේ නඩු 47 කටද මාතර අධිකරණයේ නඩු තුනකටද වරෙන්තු වී තිබේ.
මාකොළ පදිංචි 39 හැවිරිදි ඔහු අකුරැුස්ස පෝරඹ මහ ගෙදරට පැමිණ සිටින බවට අකුරැුස්ස පොලිසියේ ස්ථානාධිපති එස්. ජයවීර මහතා වෙත ලැබුණු තොරතුරක් අනුව මෙම වැටලීම සිදුවිය.
දෙදරු පියෙකු වන සැකකරු මාතර මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
මාතර පොලිස් ඉතිහාසයේ වැඩිම වරෙන්තු ප‍්‍රමාණයක් සහිතව අත්අඩංගුවට ගැනීමක් සිදුකළ ප‍්‍රථම අවස්ථාව මෙයයි.