ඉතාලි මව පුතා සිහිකර ගෙවල් දන් දෙයි


ඉතාලියේ මිලානෝ නුවර බෞසාන් හි ජීවත් වන මේරි දීප්ත ප්‍රනාන්දු මහත්මිය, ඉතා දිළිඳු පවුල් සදහා නිවාස තනා දීමේ ව්‍යපෘතියක නිරත වෙමින් සිටින්නීය.

 එහි පළමු නිවස අද කටුනේරිය ගල් පඳුරු ප්‍රදේශයේ ඇදුම රෝගයෙන් පෙළෙන දරුවන් තුන් දෙනෙකුගෙන්  යුත් පවුලකට පිරිනැමුවාය.

ඇය විසින් නැහැවුණූ තවත් නව නිවසක් දෙමටපිටියේ අසරණ පවුලකට ඉදිරි සතියේදීත් භාර දීමට නියමිතය.

 දඹුල්ලේ නිවුන් දරුවන්ගේ  පවුලේ තොරතුරු සොයා බලා ඔවුන්ටද නිවසක් තනා දීමට, ඇය ඉදිරි දින කීපයේදි එහි යාමට සූදානමින් සිටින්නීය, ලබන වසර කටුනේරිය ප්‍රදේශයේදී තෝරාගත් තවත් අසරණ පවුලකට නව නිවසක් තනාදීමට ඇය සූදානමින්  සිටින්නීය. ඊට අමතරව ඉගෙනීමට දක්‍ෂ පස් දෙනෙකුටද ඇය ශිෂත්ව ප්‍රධානය කරයි.

අකාලයේ මිය ගිය තම පුත් අසිත සුජාන් පීරීස් (22) නමින් ඇය මේ පින්කම කරන්නීය.