ඉතාලියේ රෝම අගනුවර වීදියක සපත්තු නැතිව ඉතා අමාරුවෙන් ඇවිදිමින් සිටි ශ්‍රී ලාංකිකයකුට රෝම පොලිසිය පිහිට විය.
පදිංචියට තැනක්ද නැතිව තුවාලද ලබා ඉබාගාතේ යන ඔහු දුටු ව්‍යාපාරිකයෝ පිරිසක් ගිලන් රියක් ගෙන්වා ඔහුගේ මුහුණේ වු තුවාල වලට ප්‍රතිකාර ද කැරවුහ. පොලසිය එහි පැමිණ ඔහුට අවශ්‍ය සපත්තු ආදිය සපත්තු කඩයකින් මිලට ගෙන තෑගි කළේය.

