ඉතාලියේ ත්‍රේවිසෝ නගරයේ ආසන්නයේ ප්‍රෙගන්සෝල් හී ලාංකිකයන්ගේ නිවසක මුළුතැන්ගෙයි පසුගියදා ගින්නක් ඇතිවිය. ඒ අවස්ථාවේ ඒ අසලින් ගමන් කළ ප්‍රෙගන්සෝල්හි මෝටර්රථ පොලිස් අංශයේ පොලිස්රථයක සිටි දෙදෙනෙක් පළමු මහලේ නිවසක දුමත්සමග ගින්නදුටු විගසම තමරථයේ ඇති ගිනිනිවන උපකරනය ගෙන ගින්න නිවා දැමිය. ගින්නට හේතුව සොයා බැලූ ඔවුන්ට දැනගැනිමට හැකිවූයේ එළිමහන් කඳවුරු ගමන්වල දී භාවිතා කරන උදුනකින් භාවිතා කරමින් ලාංකික මව තම දරුදෙදෙනාට ආහාර පිසින අවස්ථාවෙදි මුළුතැන්ගෙයි ඇති ලෑලිවලට ගත් බවයි.
නිවසේ හිමිකරුද එම ස්ථානයට පැමිණ එවැනි උඳුනක් භාවිත නොකිරීමට හේතුව විමසුවිට ශ්‍රී ලාංකිකයන් පවසා සිටියේ පසුගිය සිත කාලයේ ගෑස් භාවිතය වැඩිවූ නිසා යූරෝ 1300 ක (රුපියල් 234000 ) බිලක් ගෙවා ගත නොහැකිවූ බවයි. ඒ නිසාම ගෑස් සැපයුම විසන්දි කැර ඇත.

