ඉතාලියේ වෙරෝනාහි ජිවත්වන ජනප්‍රිය නිවේදන ශිල්පියකු වන පියල් රන්මුතු මහතාගේ නිවසට පැමිණි සොරුන් පිරිසක් නිවසේ තිබු රන් බඩු සොරාගෙන පළා ගියද සුළු වේලාවකින් රන් බඩු සොයා ගත් බව ඉතාලි පොලිසිය කියයි.
පියල් රන්මුතු මහතාගෙන් ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණ ඇරැඹු පොලීසිය ඒ අසල උද්‍යානයක සැගවී සිටි පුද්ගලයකු පරීක්ෂා කිරීමට යද්දී ඔහු මෙම රන් බඩුද එම ස්ථානයේ දමා පළා ගිය බව පොලීසිය පැවසීය.