නවගත්තේගම පසල් ගුරුවරියක් දණ ගස්සවා තම දේශපාලන නුගත්කම ප්‍රදර්ශනය කළ පළාත් සභා මන්ත්‍රිවරයාගේ ක්‍රියා කලාපය ඉතාලියේ වෙසෙන ආගමික නායකයෝ දැඩි පිළිකුළෙන් හෙළා දකිති.
පාසල් ගුරුවරුන් දණ ගස්වන රාජ්‍ය සේවකයින් ගස් බදින, නිතීය රකින අවංක පොලිස් නිළධාරින්ට හා මාධ්‍යවේදීන්ට තර්ජනය කරන මෙවැනි දේශපාලන චරිතවලට නාමයෝජනා දෙමින් කරලියට ගෙනෙන පක්ෂ නායකයින් මීට වගකිව යුතු බවත් ඡන්ද දායකයින් මීට වඩා බුද්ධිමත්ව තම ඡන්දය පාවිච්චි නොකළහොත් දේශපාලන මැරයින්ගෙන් පිරුණු ලෝකයේ එකම රට ශ්‍රි ලංකාව වන දිනය වෑඩි ඈතක නොවේයැයි රෝම ධර්මාශෝක විහාරාධිපති දඹදෙණියේ ධම්මාරාම, සිසිලි බෞද්ධ විහාරාධිපති වගේගොඩ සීලානන්ද වෙරෝනා බෞද්ධ විහාරාධිපති උඩවලවේ ඥානානන්ද, මිලානෝ ලංකාරාම විහාරවාසි කොටිකාවත්තේ ධම්මකුසල හිමිවරු ද පාදෝවා කිතුනු සංඝයා භාර නෙවිල් සෙබස්තියන් හා වෙරෝනා නුවර ඇන්ටනි රංජිත් පියතුමන්ලා ද එසෑණට පැවසුහ.