ශ්‍රී ලංකාවේ මං කොල්ලකෑම් හා මිනිස් ඝාතන වලට සම්බන්ධ ප්‍රධාන පෙළේ පාතාල සාමාජිකයින් පිරිසක් ඉතාලියට පැන මිලානෝ නුවර ආශ්‍රිතව ජිවත් වන බවත් ඔවුන්ගෙන් නොයෙක් අවස්ථාවල සාමකාමි ශ්‍රි ලාංකිකයින්ට හිරිහැර සිදුවන බවත් වගකිව යුත්තන්ට මේ පිලිබඳව දන්වා සිටියත් කිසිදු ප්‍රතිඵලයක් අත් නොවු බව මිලානෝ නුවර ශ්‍රි ලාංකිකයෝ පිරිසක් එසැණට පැවසුහ.
ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ට බොහෝ හිතවත් බව පවසමින් එමගින් අනිසි බලයක් උපයෝගි කර ගනිමින් මොවුන් මැරකම් වලට පාර කපා ගන්නා බවද එම ශ්‍රි ලාංකිකයෝ කියති. ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගෙඩියර් රුවන් වනිගසුරීය මහතා කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම භාවිතා කරමින් මොනයම් හෝ මැර ක්‍රියාවක යෙදෙන ලංකාවේ පාතාලයට සම්බන්ධ පුද්ගලයින් වෙතොත් ඔවුන් පිළිබදව වහාම ආරක්ෂක අමාත්‍යංශයේ 0094112396072 දුරකථන අංකයට දන්වන ලෙසයි.
තොරතුරු ලබා දෙන අයගේ රහස්‍ය භාවය රකින බවද නමගිය පාතාල සාමාජිකයින් ලොකයේ කොහේ සිටියද ඔවුන් කොටුකර ගැනිමට විදෙස්ගත සාමකාමී ශ්‍රි ලාංකිකයින්ගේ සහයෝගය අපෙක්ෂා කරනා බවද ඒ මහතා එසැණට පැවසීය.