ඉතාලි නිදහස් උළෙල රෝම පන්සලේ


ඉතාලියේ රෝම අගනුවර ශ‍්‍රි ලංකා තානාපති කර්යාලයය    65 වැනි නිදහස් උත්සවය රෝම බෞද්ධ විහාරස්ථානයේ දි ඉතා උත්කර්ශවත් ලෙස පැවැත්විය. තානාපති අසිත පෙරේරා මහතා ප්‍රධාන ආරාධිතයාය. රෝම බෞද්ධ විහාරාධිපති  මොල්ලිගොඩ ධීරානන්ද හිමියෝ ඇතුළු මහා සංඝරත්නය ද කතෝලික  හින්දු හා ඉස්ලාමි පුජකවරු ද මෙම අවස්ථාවට ඵක්වූහ.  අන්තර් ආගමික සහජිවනය කියාපාමින් ඒ සියලු දෙනාම විහාරස්ථානයේ දි  රටටත් රට වැසියන්ටත් සෙත් පැතූහ.  පලෙර්මෝ නාපෝලි මිලාන්  වෙරෝනා වැනි දුර බැහැර ප‍්‍රදේශ නියෝජනය කරමින් දේශපාලන පක්‍ෂ ක‍්‍රියාකාරිහු ද හා සිවිල් සංවිධාන ප‍්‍රධානිහු ද පැමිණියහ.  නිදහස් උළෙල තානාපති කර්යාලයෙන් පිටත විහාරස්ථානයක පැවැත්වීම පිලිබඳව රෝමයේ ජිවත්වන ශ‍්‍රි ලාංකිකයින් පිරිසක් හා ඔවුන් වටා ගොඩනැගුනු සංවිධාන කිහිපයක් තම විරෝධතාවය පසුගියදා පළ කෙළේය. රෝම බෞද්ධ වීහාරස්ථානයේ පැවැති නිදහස් උත්සවය සදහා තානාපති කර්යාලයය නිළධාරින් විශාල පිරිසක් සහභාගිවි සිටියද ප‍්‍රධාන නිළධරයෝ කිහිප දෙනෙක්  පැමිණ නොසිටීය.