ඉතාලියේ දෙමළ සංවිධානය විසින් සංවිධානය කැරුණු ශ්‍රී ලංකා විරෝධි උද්ඝෝෂණයක් පලෙර්මෝහිදී පැවැත්විණි.
තරුණ මානව හිමිකම් සංවිධානයේ ප්‍රධානී මාකෝ ෆරීනා පැවසූයේ ශ්‍රී ලංකාවේ දෙමළ ජාතිකයනට ස්වයං පාලනයකට සහාය දෙන බවයි.
ඇමෙරිකාවේ මූලිකත්වයෙන් සම්මත වූ ජිනීවා යෝජනාව එම සමුළුවේදී ප්‍රතික්ෂේප විය.
ශ්‍රී ලංකාවට එරෙහිව තමිල්නාඩුවේ ගෙන යන උද්ඝෝෂණවලට සහාය දැක්වීම ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාට සාධාරණය ඉෂ්ට කිරීම සඳහා ඉන්දියාව තීරණාත්මක පියවර ගත යුතු බවත් ශ්‍රී ලංකාවේ දෙමළ ජාතික ‘සමූල ඝාතනය‘ ගැන අන්තර් ජාතික ප්‍රජාව නිහඩව සිටීම හෙළා දකිමින් රට රටවල දෙමළ ජනයා උද්ඝෝෂණය කළ යුතු බවත් එහිදී කතා කළ එඩ්වඩ් බුවනේන්ද්‍ර රාජා පැවසීය.