2010 වර්ෂයේදී ඉතාලියේ මාධ්‍ය වල ප්‍රධාන පුවතක් බවට පත්ව තිබුණේ සාරා ස්කාත්සි නම් 15 හැවිරිදි දැරියගේ අතුරුදහන් වීම පිළිබඳවයි. පසුව මෙය ඝාතනයක් බවට තහවුරු වීමත් සමග මෙය මුළු ඉතාලියම කම්පා කල පුවතක් බවට පත් විය.
ඉතාලියේ තාරන්තෝ පලාතේ අවෙත්‍රානා නගරයේ සිදු වු මෙම අමානුෂික ඝාතනයේ සුල මුල සොයා ගැනිමට ඉතාලි පොලිසියට වසර ගනනාවක් ගත විය.
පසුව අනාවරණය වුයේ සිය දියණියගේ ආදරය වෙනුවෙන් දියණියගේ හොදම මිතුරිය තම දියණිය විසින් මරා දමනා විට එයට සහය වුයේ ඇගේ මව බවයි. .
මිනිමරු දියණිය වරදින් බේරා ගැනිමට ඈගේ පියා පොලිසිය හමුවේ පාපොච්චාරනය කරමින් කියා සිටිනුයේ තමා විසින් 15 හැවිරිදි දැරිය මරා දැමු බවයි.
එහෙත් සත්‍ය සොයා යෑමට අති දක්ෂ ඉතාලි පොලිසිය සුල මුල සොයා ගනි.
සියලු දේ දැනගෙන අදිකරණය නොමග යෑවු විත්තියේ නිතිඥයාටද සිදු වනුයේ වසර දෙකක සිර දඩුවම් විදිමටය.
ලංකාදිප එසෑණ හා මිලානෝ එක්සෙන්සර් ෆිල්ම් ආයතනය ලෝකය පුරා සිදුවන මෙවැනි ආමානුෂික අභිරහස් මිනිස් ඝාතනය සොයා යෑමේ විඩියෝ වැඩසටහන් පෙලේ මෙහි පලමු කොටස පසුගිය සතියේ එසෑණ වෙබ් පුවත් පතේ පලවු අතර ඔබට එය ‘ඉතාලියේ ඇස ගිය තැන්‘ තීරයෙන් ද නැරඹිය හැක.

