ඉතාලි ගුවන් ටිකට් මගඩියට තවත් අය අසුවේ


රෝමයේ ගුවන් ටිකට් අලෙවි ආයතනයකින් මිලදි ගත් ශ්‍රි ලංකන් ගුවන් සේවයේ ගුවන් ටිකට් පත් වලින් ශ්‍රී ලංකාවට යෑමට ආ  තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසකගේ ටිකට් ව්‍යාජ ඒවා බව  ඉතාලියේ ගුවන් බලධරයෝ කියති.

රෝමයේ කිත්සිරි පතිරගේ මහතා කියනුයේ තම බිරිදට නිකුත් කළ ගුවන් ටිකට් පත තමන් ඉතාලි නිතිඥයකුට බාරදුන් බවත් ඒ අනුව එම ආයතනයට  විරුද්ධව ඉදිරියේදි නිතිමය කටයුතු සිදුවන බවත්ය.

මෙම ගුවන් ටිකට් පත් වංචාවට හසු වු ඉතාලිය පුරා විසිරි සිටින ශ්‍රි ලාංකිකයින්ට ඔහු කියා සිටිනුයේ 3293125681 දුරකථන අංකයට කතාකොට තමන් සමග එක්වන ලෙසයි.

එක් ඒජන්සිකරුවකු එසැණට කියා සිටියේ තම ආයතනය මගින් නිකුත් කළ ටිකට් පත් කිහිපයක අඩුපාඩු සිදු වු බවත්,කොටි ගණනක් වංචා කැර රෝමයෙන් අතුරුදන් වු  බව කියන ඒජන්සිකරුවන් මෙන් තමන් මේ ප්‍රශ්නයේදි පැන නොයන බවයි.

අඩුපාඩු සිදු වු ගුවන් ටිකට් පත් සදහා නැවත මුදල් ගෙවන බවද ඔහු එසැණට පැවසීය.