ඉතාලි ගිහින් පාරේ ගුටි කෙළ ගනිති


යකඩ උල් හා පිහි රැගෙන ඉතාලියේ මෙසිනා නුවර පාරක දී ප්‍රහාර එල්ල කැරගත් ශ්‍රී ලාංකිකයෝ සිවු දෙනෙක් මෙසිනා පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

යුද හමුදා හදිසි ඇමැතුම් අංකයට දුන් තොරතුරක් අනුව කකුලක් කැඩී සිටි හෙට්ටිහේවා සංජීව සම්පත් (31) අත්අඩංගුවට ගෙන රෝහල් ගත කළ බවත් කේ කරුණාතිලක මදුරංග අශාන් සිල්වා (24) වර්ණකුල සූරිය එම් ෂෙනන් නිලේන්ද්‍ර ප්‍රනාන්දු (21) හා පට්ටිවිලගේ ජානක ප්‍රියාන් ප්‍රනාන්දු (24) සුළු තුවාල ලබා ඇති බවත් රෝහලෙන් පිටවී ගිය ඔවුන් නිවාස අඩස්සියේ තබා ඇති බවත් ඉතාලි පොලීසිය කියයි.