ඉතාලි ගිහින් කුඩු අදිති


 ඉතාලියේ ලූකා නගරය ආසන්නයේ ඇති  සන්මිකේලේ එස්කෙතෝ  ග්‍රාමයේ පසුගිය දිනක දාහත්හැවිරිදි ලාංකීක තරුණයෙක් හා ඔහුගේ මිතුරන් දෙදෙනෙක් මරිජුවානා ග්‍රෑම් හතලිහක් සමග පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

රාත්‍රී කාලයේ මොවුන් තිදෙනා මෝටරරථයකින් ගමන්කරමින් සිටියදී මොවුන්ගැන සැකසිතූ පොලීසිය , ලාංකිකයාගේ සාක්කුවෙන් මරිජුවානා පැකට් සොයා ගත්තේය. පසුව   ලාංකිකයාගේ නිවසේ තිබී තවත් මරිජුවානා ග්‍රෑම් තිහක් සොයාගනු ලැබීය.

මත්ද්‍රව්‍යප්‍රවාහකයින් ලෙස මොවුනට නඩු පැවරීමට යයි.