දහතුන් වසරකට පෙර ඉතාලියට ආ ශ්‍රී ලාංකිකයෙක් ශ්‍රී ලංකාවේ සිටින මව සොයයි.ඔහු තම මව දැක නැත.මීගමු රෝහලේදී 1972.11.28 වැනිදා උපන් බව පමණක් ඔහු දනී.
මවගේ නම හෙට්ටිආරච්චිගේ සීලවතී බවත් ඇය මහරගම උපන් බවත් හෙට්ට්ආරච්චිගේ හේමන්ත නම් ඇගේ පුත්‍රයා පවසයි.
තමා උපදින විට මවගේ වයස අවුරුදු 18 ක් බවද ඔහු කියයි.
තම මව්පියන් පිළිබද ඊට වඩා කිසිත් නොදන්නා බවත් ඔවුන් සොයා ගැනීමට උදව් පතන බවත් ඔහු ඉතාලියේ බ්‍රෙසියා නුවර සිට ලංකාදීපයට කිහිපවරක්ම කතා කළේය.
ඇය ගැන තොරතුරක් දන්නේ නම් පහත සඳහන් විද්‍යුත් ලිපිනයට දන්වන ලෙස ඉල්ලීමක් කරයි.

