ඉතාලි ගිය අයට මිතුරු සංගම් අත්වැලක්


ඉතාලියේ ජිවත්වන ශ්‍රි ලාංකිකයින් එරට රැදී සිටිමේ බලපත්‍රය අලුත් කිරිමේදිත් ලංකාවේ සිටින පවුලේ උදවිය ගෙන්වා ගැනිමේදිත් රෝමයේ පිහිටි ශ්‍රි ලංකා තානාපති කාර්යාලයෙන් ඉටුකරගත යුතු කාර්යයන් සදහා ලියෑවිලි සකසා දීම හා නිතිමය උපදෙස් ලබා දිමට නව කාර්යාලයක්  වෙරෝනා නගරයේදි විවෘත කළ බව වෙරෝනා නගරයේ වෙන්නප්පු මිත්‍රත්ව සුබසාධක සංගමය  කියයි.

වෙන්නප්පු මිත්‍රත්ව සුබසාධක සංගමයේ සභාපති ඩික්සන් ප්‍රනාන්දු මහතා කියනුයේ මෙම කාර්යාලයය ආරම්භ කළේ හුදෙක් ශ්‍රි ලාංකිකයින්ට උදව් කිරීම බවයි.

 උඩවලවේ ඥානානන්ද හිමියන් ඈන්ටන් රංජිත් පියතුමන් නිතිඥ ඔනාතා කර්නවාලි මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාව එක් වුහ.