එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්දව ඇමෙරිකාව සම්මත කරගත් යෝජනාව තමා ලද ජයග්‍රහණයක් බවත්, එය තව තවත් ඉදිරියට ගෙන යෑම සඳහා ශක්තිමත්ව පෙරට ආ යුතු බවත් පලෙර්මෝ නුවර කොටි හිතවාදීහු පවසති.
ඇමෙරිකා යෝජනාවට පක්ෂව ඉතාලිය ඡන්දය පාවිච්චි කරමින් ශ්‍රී ලංකා දමිළ ජනතාවට සිදුවූ අසාධාරනය පිළිගෙන ඇති බවත්, ඒ අනුව ඉතාලි රජයට ස්තුතිය පුද කිරීමට ඉතාලි වේලාවෙන් අද සවස 4ට ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8.30ට පලෙර්මෝ පියාස්සා පොලිතියානා හිදී කොටි හිතවාදී රැස්වීමක් පැවැත්වීමට යයි.
බ්‍රහස්පතින්දා ශබ්ද විකාශන යන්ත්‍ර යොදාගනිමින් ඔවුහු පලෙර්මෝ දමිළ ප්‍රජාව දැනුවත් කළහ.
මෙයට පෙර ද ඒ ස්ථානය අසල ඇති සම්මන්ත්‍රන ශාලාවේදී කොටි රැස්වීම් පැවැත්විණි. පැය පහක් සඳහා සම්මන්ත්‍රන ශාලාව කුලියට ගැනීමට යුරෝ 5000ක් ගෙවිය යුතුය.
ඉතාලි කොටි හිතවාදීහු මෙලෙස මුදල් හා පිරිස් බලය යොදමින් ශ්‍රී ලංකා රජය අපහසුතාවට පත් කරනා විට ඉතාලියේ ඇති සිංහල සංවිධාන කිහිපයක් තානාපති රැක ගැනීමට පෙත්සම් අත්සන් කරන බවත් තවත් සංවිධාන කිහිපයක් තානාපති ඉවත්කිරීමට උත්ඝෝෂණය කරන බවත් මධ්‍යස්ථ මතධාරී ශ්‍රී ලාංකිකයෝ පවසති.