ඉතාලි කුණු කරවල කඩේට ලක්ෂ 12ක දඩ


මිනිස් පරිභෝජනයට නුසුදුසු මාළු කිලෝ 400ක් ද කරවල කිලෝ 35ක් ද හඳුනා නොගත් අල වර්ගයක් ද ඉතාලියේ මිලානෝ  නුවර ශ්‍රී ලාංකිකයකුගේ කඩයකින් අත්අඩංගුවට ගත් පාරිභෝගික ආරක්ෂණ සේවය 45 හැවිරිදි ශ්‍රී ලාංකිකයකුට යුරෝ 7600 (රුපියල් 1262512ක) දඩයක් ගැසීය.  ලේබල් නැතිව අහාර ද්‍රව්‍ය විකිණීමට තැබීම අපිරිසුදු භාජන, ආදිය තබා ගැනීම ගැන ඔහු වැරැදිකරු විය.