ඉතාලි ක්‍රිකට් කණ්ඩායම ලංකාවේ


ඉතාලි ජාතික ක්‍රිකට් කණ්ඩායම සිව්දින සංචාරයක් සදහා ලබන 14 වැනිදා ශ්‍රි ලංකාව බලා පිටත්වන බව ඉතාලි ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි.

එහිදි ශ්‍රි ලංකාවේ ප්‍රධාන අන්තර් සමාජ ක්‍රිකට් කණ්ඩායම් කිහිපයක් සමග පුහුණු තරගාවලියකට මුහුණ දිමෙන් පසු 19 වැනිදා තවත් ක්‍රිකට් තරගාවලියකට සහාභාගි විමට සිංගප්පුරුව බලා පිටත්විමට නියමිතය.

ඉතාලි ජාතික ක්‍රිකට් කණ්ඩායමට ඉතාලි ජාතික ක්‍රිඩකයින් අටදෙනෙකු සමග අතිරේක ක්‍රිඩකයින් දෙදෙනෙකුත් ඇතුළුව ශ්‍රි ලාංකිකයින් අටදෙනෙකු ඈතුලත් බව ඉතාලි ජාතික කණ්ඩායමේ උප පුහුණුකරු ඉතාලි ක්‍රිකට් පාලක මණ්ඩලයේ උප සභාපති හා ඉතාලි ඔලිම්පික් කමිටු සාමාජික කැලුම් පෙරේරා මහතා පවසයි.

 ගයශාන් මුණසිංහ, ජෝයි පෙරේරා,ඩිලාන් ප්‍රනාන්දු,මදුප ප්‍රනාන්දු,තරිදු ප්‍රනාන්දු,දිනිදු මාරගේ,ඩේමියන් ප්‍රනාන්දු,නිමෙෂ් රොද්‍රිගෝ යන ශ්‍රි ලාංකික ක්‍රිඩකයින් ඉතාලි ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරති.