ඉතාලි කන්ටේනර හොරුන් පස්සේ ලංකා පොලිසිය පන්නයි


ඉතාලියේ ශ්‍රි ලාංකිකයින් විසින් මව්බිමට යවන බඩු සොරකම් කරන කන්ටේනර් හොරුන්ට විරුද්ධව කොලඹ අපරාධ කොට්ඨාශය පරික්ෂණ ආරම්බ කර ඇතැයි  එහි ස්ථානාදිපති ප්‍රධාන පොලිස් පරික්ෂක හෙමන්ත දික්ඕවිට  මහතා එසෑණට පෑවසීය.

මිලානෝ නුවර ශ්‍රි ලාංකිකයෙකු විසින් තම නැති වු බඩු පිලිබදව කල පෑමිනිල්ලේන් පසු මේ වන විට ලැබී ඇති   තවත්  පැමිනිලි විස්සකට අනුව කන්ටෙනර් බඩු ප්‍රවාහනකරුවන් පිරිසක් ලබන සදුදා කොලඹ අපරාද කොට්ථාශ මුලස්ථානයට ගෙන්වන බව ඔහු කියයි. කන්ටෙනර් වංචාකරුවන් ගෑන ලංකාදිප එසැණ කල අනාවරණයන් ද ඉතාලියේ ශ්‍රි ලාංකිකයින් පිරිසක් විසින් තම ආයතනයට එවා ඇතැයි ද කන්ටේනර්  වංචාකරුවන්ට හසුව බඩු භාණ්ඩ අහිමි වු ඔනෑම අයෙකුට නොම්මර 214, කොලොන්නාව පාර දෙමටගොඩ යන ලිපිනයට පැමිණ  ඒ පිලිබදව පෑමිණිලි කල හැකි බව ස්ථානාදිපතිවරයා   වැඩි දුරටත්  පැවසීය. 

බස්නාහිර පලාත භාර නියොජ්ය පොලිස්පති අනුර සේනානායක මහතාගේ  උපදෙස් පිට කොලඹ අපරාද කොට්ථාශය භාර නියොජ්ය පොලිස්පති එස් ඒ ඩි එස් ගුණවර්ධන මහතාගේ අධික්ෂණයෙන් මේ පිලිබදව වැඩිදුර පරික්ෂන පැවැත් වේ.