මෙම වසරේ ඉතාලිය පුරා පැවති එල්ලේ තරගාවලි ජයගත් එල්ලේ කණඩායම් දහයකට වෑඩි ප්‍රමාණයක් ලබන ඉරිදා මිලානෝ නුවරදි පෑවෑත්විමට නියමිත සුරයන්ගෙත් සුරයා එල්ලේ තරගාවලියේදි ගැටෙයි.
වසරේ ජනප්‍රියතම එල්ලේ ක්‍රිඩකයා හට සතියක් පුරාවට ස්විඩන් ඩෙන්මාර්ක් සංචාරයක් ලබා දිමට නියමිතය.
සුවිඩනයේ පදිංචි ලසන්ති ප්‍රනාන්දු ඇතුළු ඇගේ හිතවතුන් සංචාර සදහා අනුග්‍රහය දක්වන බව වසර කිහිපයක් සුරයන්ගෙත් සුරයා එල්ලේ තරගාවලිය සංවිධානය කරන මිලානෝ නුවර චින්තක චන්දන කුමාර මහතා යයි.
එල්ලේ ක්‍රිඩාවේ වර්තමාන තත්ත්වය ගැන චින්තක මෙසේ කියයි. එල්ලේ කියන්නේ අපිට උරුම වු අපේ ක්‍රිඩාව. බෑත පාගන්න කමතට යන ගොවියත් පිත්තට බෝලෙට වැඳලා කවයට යන එල්ලේ ක්‍රිඩකයත් කියාපාන්නේ අපේකමයි.
නමුත් අපිට උරුම අපේ දේ වලපල්ලට ඇරලා අනුන්ගෙ දේවලින් සතුටුවන ජාතියක් අපි. නවසිලන්තයේ ලෝක ප්‍රසිද්ධ රග්බි කණ්ඩායම තරගයක් පටන් ගන්න කලින් ක්‍රිඩා පිටියෙදි යකා නැටුම නටන්නේ ප්‍රේක්ෂකයින් සතුටු කරන්න නෙමෙයි. ඔවුන්ගෙ අනන්‍යතාවයයි ඔවුන් එහිදි කියන්නේ.
ක්‍රිඩාවේ සංස්කෘතිය බබලවන්න පුළුවන් කියලා ඔවුන් ලෝකෙට පෙන්නුවා. මව්රි ආදිවාසින් ගැන ලෝකය පුරා කතා කරන්න පටන් ගත්තා. ජපානයේ සුමෝ ක්‍රිඩාවත් ජපානයේ සංස්කෘතික දායාදයක්. අනුන්ගෙන් අපිට උරුම වෙච්ච ක්‍රිඩාවන් සදහා රුපියල් කෝටි ගණන් මුදල් වියදම් කිරීමට ව්‍යාපාරිකයන් හිටියත් ගමේ එල්ලේ ක්‍රිඩකයෙක්ට බැනියමක් දීමට ව්‍යාපාරිකයෙක් නෑ.
කොහොම වෙතත් ඉතාලියේ ඉන්න ශ්‍රි ලාංකිකයින් අතර මේ වසරේ එල්ලේ හුඟාක් ජනප්‍රිය වුණා. ලංකාදිප එසෑණ ඒ වෙනුවෙන් විශාල කාර්යභාරයක් කළා. ලබන වසරේ ඉතාලියේ ශ්‍රි ලාංකිකයින් අතර එල්ලේ ජනප්‍රියම ක්‍රිඩාව බවට පත් කරන්න අපිට පුළුවන්. ඉන් නොනැවති අප්‍රේල් මාසේ ලංකාදිප පුවත් පතත් සමඟ එකතුව උතුරු මැද පළාතේ දක්ෂතම එල්ලේ කණ්ඩායම තෝරන්නත් අපි බලා පොරොත්තු වෙනවා.
ලාල් රොද්‍රිගෝ හා රන්ජන් විරක්කොඩි යන එදා සිටම ඉතාලියේ එල්ලේ ක්‍රිඩාව ජනප්‍රිය කිරීමට ලොකු වෙහෙසක් ගන්නවා.