අගෝස්තු අවසන් සතියේදී ඉතාලියේ නාපෝලි නුවර පැවැත්වීමට නියමිත එල්ලේ සැණකෙළියට ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනයේ සභාපති යෝෂිත රාජපක්ෂ මහතා සහභාගී වෙතියි රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයය ඉතාලියේ බේස්බෝල් හා සොෆ්ට්බෝල් සම්මේලනයේ සභාපතිට දන්වා ඇත.
එහෙත් ඊට සහභාගීවීමට තමාට ඉඩක් නොලැබෙනු ඇතැයි රාජපක්ෂ මහතා මීට කලින් ‘එසැණට‘ පැවසීය.
ජනාධිපති ලේකම් කාර්යාලයයේ නිලධරයකු පැවසුවේ ඊට සහභාගී නොවන බවයි.
විදේශ ලේකම් කරුණාතිලක අමුණුගම මහතා පැවසුවේ ද ඔහු එහි යන බවක් විදේශ අමාත්‍යංශයට දන්වා නැති බවයි.
මෙම තරඟාවලියට අනුග්‍රහය දක්වන බව තානාපති කාර්යාලයය කියයි.
මේ ගැන විමසීමට වැඩබලන තානාපතිනි ගෝතමී ඉඳිකඩහේන මහත්මිය සම්බන්ධ කර ගැනීමට ගත් උත්සාහය අසාර්ථක විය.