මියගිය ධීවරයන්ට අවසන් ගෞරව දැක්වීමට ගිය විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසට එල්ලවු මැර ප්‍රහාරය හෙළා දකින බව මිලානෝ නුවර එක්සත් ජාතික පක්ෂ ශාඛා සමිතිය කියයි.
නිවේදනයක් නිකුත් කරමින් එහි නිලධාරීන් කියනුයේ දේශපාලන භුමියෙන් මැර බලය අතුගා දමමින් මහත්මා දෙශපාලනයකට අවතීර්න වන ලෙස ශ්‍රි ලංකාවේ සියලු දෙශපාලන නායකයන්ගෙන් ඉල්ලා සිටින බවයි.
මැර ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන්නැයි ද ඔවුහු ඉල්ලති.