කොහුවල කොරලහේවගේ සේන අජිත් මෙයට වසර දෙකකට ප්‍රථම ඉතාලියට පැමිණියේ තම දරුවන් සිව් දෙනාටත් බිරිදටත් යහපත් අනාගතයක් උදා කරදීමේ බලාපොරොත්තුවෙනි.
එහෙත් වසර දෙකක් පුරාවට රැකියාවක් සොයා ගැනිමට අජිත්ට නොහැකි විය. එන්න එන්නම පවුලේ ආර්ථික ප්‍රශ්න වැඩිවිය. කලකිරිණු අජිත් තම රැදීසිටිමේ බලපත්‍රය පවා අතහැර දමා නැවත ලංකාවට යැමට තීරණය කළේය.
ඔහුට ගුවන් ටිකට් පතක් මිලදී ගැනිම සදහා මුදල් නොතිබිණි. වෙරෝනා නුවර මෑතක පිහිටවා ගත් ශ්‍රි ලාංකික සුභසාදක එකමුතුව අජිත්ට පිහිටවිය. තම පෙර රැකීයාව වන කොළඹ ජාතික රොහලේ විදුලි කාර්මික තනතුර සදහා නැවත යන බව අජිත් එසැණට පැවසීය. කඩාවැටුණු ආර්ථිකය හමුවේ ඉතාලියේ ශ්‍රි ලාංකිකයෝ දහස් ගනණක් අතරමංව සිටිති.