ඉතාලි ලංකා පාතාලයේ තොරතුරු ගලයි


ඉතාලියේ ලංකා පාතල සාමාජිකයන් ගැන තොරතුරු ලබා දීම සඳහා ආරක්ෂක අමාත්‍යංශයෙන්   දුන් දුරකතන  අංකයට එරට ලාංකික පාතාල සමාජිකයින් ගැන තොරතුරු ගලා එන බවත්, ඒ පිළිබඳ විමර්ශනය කිරිමට වෙනම නිලධාරියෙක්  පත්කර ඇති බවත් ආරක්ෂක අමාත්‍යංශ ආරංචි කියයි.
මිලානෝ නුවර ජිවත්වන අහිංසක මිනිසුන්ට නොයෙක් බලපෑම් කරන ලංකාවෙන් පැමිණ සිටින පාතාල සාමාජිකයන් ගැන ලංකාදීප එසැණ පසුගියදා අනාවරණය කළේය.

මැති ඇමතිවරුන්ගේ ද ආරක්ෂක ලේකම්ගේ ද හිතවත්කම් කියමින් අනිසි බලයක් පෙන්වමින් ඔවුන් විවිධ මැර ක්‍රියා කරන බව කියති. 

 මේ පිළිබදව එසැණ කළ විමසීමෙදී ආරක්ෂක මාධ්‍ය  ප්‍රකාශක කියා සිටියේ එවැනි පාතාලයන් පිළිබදව තොරතුරු වෙතොත් 0094112396072 ලබා දෙන ලෙසයි.

පාතාල යැයි කියා ගන්නා   කිහිප දෙනකු මිලානෝ නුවර ශ්‍රි ලාංකිකආපන ශාලාවකට පැමිණ තරුණියකට බලහත්කාරකම් කිරිමට සැරසුණු විට ආපන ශාලා හිමිකරු එයට විරුද්ධව ඉතාලි පොලිසියට පැමිණිලි කළේය.

පොලිසිය පැමිණීමට පෙර අපනශාලා හිමිකරුට තර්ජනය කළ පාතාලයන් පැනගොස් ඈත.  

ස්විස්ටර්ලන්තයේ සිට ඉතාලි සංචාරයකට පැමිණි ශ්‍රි ලාංකික තරුණිය ආපනශාලාවට පැමිණි මොහොතේ දී ඔවුන්ගේ අඩත්තෙට්ටම්වලට ලක්වී ඇත.