වාහනයක හැපී තුවාල වූ සිටි ඉත්තෑවකුට සැත්කමක් කර සුවපත් කළ බව ගාල්ල වනජීවි සංරක්ෂණ සංගමය පවසයි.
ඉත්තෑවා නිර්වින්දනය කර ශල්‍යකර්මය කරන ලද්දේ පශු වෛද්‍ය අයෝමි දර්ශිකා විතානගේ මෙනවිය විසිනි.
සැත්කමෙන් පසු පූර්ණ සුවය ලැබූ ඉත්තෑවා ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමයේ හියාරේ ජෛව විවිධත්ව කේන්ද්‍රය වනජීවී රෝහලේ සිටියි. එහි සංරක්ෂකයන් පවසන්නේ වනජීවී දෙපාර්තමේන්තුවට ඉත්තෑවා භාර දී සුදුසු ස්ථානයකට මුදා හරින බවයි.




