මොරටුව සුනන්දෝපනන්දාරාමාධිපති මැටිගහතැන්නේ විමලවංශ හිමි (46) ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් කඩුවලින් කපා කොටා ඝාතය කැර ඇතැයි මොරටු පොලීසිය කියයි. වවිමලවංශ හිමින් ඇතුළු හිමිවරුන් කිහිප නමක් පොලීසියට පැමිණිල්ලක් කැර මෝටර් රථයකින් විහාරස්ථානට පැමිණි අවස්ථාවේ බෝධිය හා බුදු මැදුර අසළ සැඟවී සිටි ඝාතකයන් මේ අපරාධය කැර ඇත. ඉන්පසුව කුපිත වූ පිරිස් අද අළුයම වන විට යාබද ඉඩමේ මුඩුක්කු ඇතුළු ගෙවල් පහක් පමණ බිමට සමතලා කළ බව ද දැනගන්නට ඇත. ඝාතනය සම්බන්ධයෙන් දෙදෙනක් අත්අඩංගුවට ගනු ලැබූහ.