(ඩයනා උදයංගනී)
කසලවලින් මෙතෙක් දිනකට නිපද වූ මෙට්‍රික් ටොන් 15 ක් වන ජෛව කාබනික කොම්පෝස්ට් ප්‍රමාණය දිනකට මෙට්‍රික් ටොන් 50 ක් දක්වා ඉහළ නැංවීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතැයි ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සංස්ථාව පවසයි.
රජය ගෙන ඇති කාබනික පොහොර භාවිතා කිරීමේ තීරණයට සහය දෙමින් මෙම පියවර ගත් බව එම සංස්ථාව සඳහන් කරයි.
කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල වැසිජල ගැලිම් පාලන ව්‍යාපෘති යටතේ ජල පොම්පාගාර ඉදිකිරීම, ඇල වේලි සකස් කිරීම, සංවර්ධනය කිරීම, මේ වන විට සාර්ථකව සිදුකෙරෙන අතර ජලය බැසයාම ක්‍රමවත් කිරීමෙන් පසු ඇළ මාර්ගය ආශ්‍රිත ඉඩම්වලින් නිසි ප්‍රයෝජනයක් ලබා ගන්නා ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී ඇතැයිද ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවෙන් ක්‍රියාත්මක කරන වේරැස් ඟග ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කරන ජලය බැස යන ප්‍රධාන ඇල මාර්ගය නිමකිරීමෙන් පසු, ඒ ආශ්‍රිත ඉඩම් අක්කර 100 ක් පමණ සංවර්ධන කටයුතු සඳහා ලබාදිය හැකි බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.

