ඉඩම් ආරවුලකින් තුනක් මරුට:කතකට තුවාල


(එන්.ආරච්චි)

මාවනැල්ල, කෝන්දෙනිය ග්‍රාම නිලධාරී වසමේ පිහිටි දනාගම වත්ත ප්‍රදේශයේ දී පුද්ගලයෙකු විසින් ඉඩම් ආරවුලක් හේතුවෙන් තම ඥාතීන් සිව්දෙනෙකු අද(01) පස්වරුවේ 4 ට පමK පිහියකින් කොටා ඇති අතර ඉන් තිදෙනෙකු මියගොස්  ඇති බව මාවනැල්ල පොලීසිය පවසයි.

තවත් එක් කාන්තාවක් තුවාල ලබා මාවනැල්ල මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර අදාල මෘතදේහ මේ වන විට මාවනැල්ල මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

සැකකරු (33 හැවරදි)  මාවනැල්ල පොලිස් ස්ථාන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර මාවනැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.