
(දයාරත්න ඇඹෝගම)
ඉඩම් ආරාවුලක් දුරදිගයාමෙන් 60 හැවිරිදි සොයුරා විසින් සිය වැඩිමහල් සොයුරියගේ 74 හැවිරිදි සැමියාට උදැල්ලකින් පහරදි ඝාතනය කොට ඇතැයි ගල්නෑව පොලිසිය කියයි.
මෙසේ ඝාතනය කොට ඇත්තේ අංක 146,හෙළබදුගම,ගල්නෑව යන ලිපිනයේ පදිංචිව සිටි දැහැනක මුදියන්සේලාගේ අබේරත්න බණ්ඩා(74)නැමති ගොවියෙකි.
මෙම ඝතනය සම්බන්ධයෙන් හෙළබදුගම,ගල්නෑවේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙකු සැකපිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගනු ලැබු මෙම පුද්ගලයා සිද්ධියවු දින හෙළබදුගම.ඩි 16 වෙල් යායේ කුඹුරක නියර බදිමින් සිටි අවස්ථාවේදි එම ස්ථානයට පැමිණි සිය වැඩි මහල් සොයුරියත් ඇයගේ සැමියාත් අතර මෙම කුඹුරැ ඉඩම සම්බන්ධයෙන් ආරවුලක් හට ගෙන ඇති බව පොලිසිය කියයි.
එහිදි සැකකාර සොයුරා විසින් උදැල්ලෙන් සිය සොයුරියටත් ඇගේ සැමියාටත් පහරදි ඇති බවද පොලිසිය පැවසිය.
එම සිද්ධියෙන් බරපතල තුවාල ලැබු මොවුන් දෙදෙනා ගල්නෑව රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරැව සොයුරියගේ සැමියා මිය ගොස් තිබුණි.
අත්අඩංගුවට ගනුලැබු සැකකරු අද (20)දින අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.

