ඉඩම් අහිමිවූවන්ට කඩිනමින් ඉඩම් දෙන්න


උතුරේ ජනතාවට ඉඩම් දීමට කිසි ලෙසකින් විරුද්ධ නැතැයි ජනාධිපති මෛත්‍රී රපාල සිරිසේන මහතා පැවැසූ බව විපක්ෂ නායක ආර්  සම්බන්දන් මහතා     පැවැසීය.  
 
ඉඩම් අහිමිවූවන්ට කඩිනමින් ඉඩම් ලබා දෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩබලන ආරක්ෂක ලේකම් ඇතුළු බලධාරීන්ට නියෝග දුන් බව ද   සම්බන්දන් මහතා කීවේය. 
 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව කොළඹ ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවතේ  පිහිටි අංක 30 විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී විපක්ෂ නායක ආර්  සම්පන්දන් මහතා එම අදහස් පළ කළේය.
 
ඉඩම් අහිමි වූ ජනතාවට ස්ථාන දෙකකින් ඉඩම් ලැබී ඇතැයි ද එම නිසා අදාළ පිරිසට එක ඉඩමක් තෝරාගැනීමට සිදුවන බව ද විපක්ෂ නායකවරයා කීවේය.