මීගලෑවේ දනිඳු යෂේන් ඒකනායක දරුවා පැහැරගත් සිද්ධියේ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කිහිපදෙනකුගේ වාහනවලට පහරදුන් බව කියන පිරිස හඳුනාගැනීමේ පෙරට්ටුවක් ගල්ගමුව මහේස්ත්‍රාත් උසාවියේදී අද (30) ඉටි පන්දම් එළියෙන් පැවැත්විණි.
මහ වැසි සමඟ සවස 4 ට පමණ විදුලිය විසන්ධි වීය.ඉන්පසු ඉටි පන්දම් දැල් විණි.පෙරට්ටුව අවසන් වන විට සවස 5.30 වී තිබිණි.සැකකරුවන් 14 දෙනාගෙන් සිව් දෙනකු හඳුනා ගැනීමට නීතීඥවරු සමත් වුහ.
දිනිදුගේ පියා පෙරට්ටුවට ඉදිරිපත් නොකැරිණි.ඔහුගේ මව මීට පෙර ඇප ලබා සිටියාය.
හඳුනාගත් සැකකරුවනට රුපියල් පන්දහසක මුදල් ඇප සහ ලක්ෂයක ශරීර ඇප නියම විය.හඳුනා නොගත් දස දෙනාට රුපියල් ලක්ෂ දෙක බැගින් ශරීර ඇප නියම විය.
මහේස්ත්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා දිවා ආහාරයට ද නොගොස් අවසන් වන තුරුම විනිශ්චාසනයේ රැදී සිටියේය.





