(ඩබ්ලිව්.ඩී.ඵමි විතානගේ,නවරත්න සමරතුංග සහ සුදත් පුබුදු කීර්ති )
ඉඟිනියාගල පොල්වත්ත ප්‍රදේශයෙන් අතුරුදහන් වු බව කියන සිසුවියන් දෙදෙනා අකුරුමුල්ල ප්‍රදේශයේ නිවෙසක සිටියේදී සොයා ගත් බව මීගභවත්ත පොලිසිය පවසයි.
ඉඟිනියාගල පාසලක එකම පන්තියේ අධ්‍යාපනය ලබන මෙවර අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින මේ සිසුවියන් දෙදෙනා ඉකුත් 15 වැනිදා සිට අතුරුදන් වී සිටි අතර මේ දෙදෙනා දහසය හැවිරිදි වියේ පසුවන සිසුවියන් වන බවද පොලිසිය සදහන් කරයි.
මීගභවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඩබ්ලිව්. කේ.විජේතිලක මහතාට ඉඟිනියාගල පොලිසිය ලබා දුන් තොරතුරු මත මේ සිසුවියන් දෙදෙනා මෙසේ සොයා ගැනීමට හැකිවු බවත් පොලිසිය කියයි.
මේ සිසුවියන් දෙදෙනා අතුරුදහන්වීම සමිබන්ධව ඔවුන්ගේ මවුවරුන් ඉඟිනියාගල පොලිසියට පැමිණිලි කර තිබු බවද පොලිසීය කීය.
මේ සිසුවියන් දෙදෙනා කොළඹට පැමිණිමෙන් පසුව එක් සිසුවියක් සමග පෙම් සම්බන්ධතාවයක් පවත්වන තරුණයාට කතා කොට ඔහු මුණ ගැසීමෙන් පසුව එම තරුණයා ඔහුගේ මිතුරකුගේ අකුරුමුල්ලේ නිවෙසකට රැගෙනවිත් ඔවුනට නවාතැන් ලබා දී තිබෙන බවත් පොලිසිය කීවේය.
මේ සිද්ධිය පිළිබඳව මීගභවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඩබ්ලිව්. කේ. විජේතිලක මහතා වැඩිදුර පරික්ෂණ මෙහෙයවයි.

