ඉඟිනියාගල දැරියෝ දෙකක් අතුරුදහන්


(නවරත්න සමරතුංග)

අම්පාර ඉඟිනියාගල  පොල්වත්ත ප්‍රදේශයේ පාසල් සිසුවියන් දෙදෙනෙකු පසුගිය (15) දින සිට අතුරුදන්ව ඇතැයි  ඉඟිනියාගල පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇතැයි ඉඟිනියාගල පොලිසිය කියයි. 

මෙම සිසුවියන් දෙදෙනා උපකාරක පන්තියකට යන බව පවසා ඉකුත් 15 දින නිවසින් පිටව ගොස් ඇති අතර  කිසිදු තොරතුරක් දැන ගැනීමට නොහැකි වී ඇතැයි මව්පියෝ පවසති. 

මෙසේ අතුරුදන්ව ඇත්තේ බී.ජී.අශානි විශ්මිකා සහ ආර්.එම්.පවීෂා නෙත්මිණි නැමති සමීප ඇසුරක් පැවැත්වූ සිසුවියෝ වෙති.

ඉඟිනියාගල පොල්වත්ත මහා විද්‍යාලයේ 11 ශ්‍රේණියේ  ඉගෙනුම ලබන අතර 15 දින උදෑසන අශානි නැමැත්තිය පවීෂා‍ගේ නිවසට පැමිණ තම මිතුරියද සමග උපකාරක පන්තියකට යන බව පවසා කැදවාගෙන ගොස් ගොස් ඇත.

මෙවුන් නිවෙසට නොපැමිණීම සම්බන්ධයෙන් ඔවුන්ගේ මව්පියන් පොලිසිය පැමිණිලි කර ඇත.