ඉගිලෙන රියක්


ගුවන් යානා සහ මෝටර් රථ නිෂ්පාදනය පටන්ගත් දා සිට නව නිෂ්පාදන නිමැවුම්කරුවන්ගේ සිහිනයක්ව තිබු ගොඩබිම සහ ගුවන ජයගතහැකි අන්දමේ  වාහනයක්  ලන්දේසි සමාගමක් විසින් නිපදවා  ඇත.

පීඒඑල්-වී යනුවෙන් නම්කර ඇති මෙම වාහනය කුඩා මොටර්රථයක් මෙන්ම හෙලිකොප්ටරයක් ලෙස ධාවනයකළ හැකිවෙයි.
දැනට එළිදක්වා ඇති වාහනයේ ගමන්කළ හැක්කේ එකඅයෙකුට පමණක් වන අතර මෝටර් රථයක් ලෙස මහපාරේ පැදවිය හැකිවුවත් හෙලිකොප්ටරයක් වශයෙන් ගුවන්ගතකිරීමීදී ගුවන්යානා පැදවීමේ නීති රීති වලට යටත්ව ක්‍රියාකිරීමට සිදුවෙයි.
උදාහරණයක් ලෙස මෙම යානය මහපාරේ සිට එකවරම ගුවන් ගතකළ හැකි නොවේ.  ඒ සඳහා මීටර් 200ක ඉඩකඩක් ඇති ස්ථානයක් යොදා ගතයුතු වෙයි.
මෙය මෙම වාහනය අලෙවි කිරීමේදී විසඳාගතයුතු ගැටළුවක් බව නිෂ්පාදන සමාගමේ අයිතිකරු රොබර්ට් ඩින්ගමන්ස් කියයි.
පෞද්ගලික භාවිතයට වඩා ගුවන් හමුදා සහ හදිසි අනතුරු සේවා සඳහා මෙම යානය යොදාගැනීමේ හැකියාව වැඩි බවද ඔහු කියයි.